ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට එන්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩ කරන දින ගණන දින 4 1/2ක් බවට පත් කර තිබේ.
ඒ අනුව සතියේ වැඩකරන දින පහ දින තවත් අඩුකිරීමට තීරණය කළ පළමු රට බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය පත්වේ.
එම තීරණය අනුව මධ්‍යම රජයේ ආයතනවල වැඩකරන සේවකයින් සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා ද සිකුරාදා උදෑසන 7.30 සිට දහවල් 12 දක්වාද සේවයේ යෙදිය යුතුය.
රජයේ සේවකයින්ට සිකුරාදා දිනවල සිය නිවෙස්වල සිට රාජකාරී කිරීමේ අවස්ථාවද ලබාදී ඇති තිබේ.
වෘත්තීය සහ සාමාන්‍ය ජීවිතයේ සමානාත්මතාව රැකගැනීමට සහ සමාජ ජීවිතයේ උන්නතිය
උදෙසා එම තීරණය ගත් බවයි එරට රජය පැවසුවේ.
UAE සේවකයින්ට දින දෙකහමාරක සතිඅන්තයක්
