ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බරපතල තීරණයක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
IMF වෙත යාම බරපතළ තීරණයක් බවත් එහිදී අපි කල්පනාකාරීව යාමට අවශ්‍ය බවත් ඒ හේතුවෙන් IMF ආයතනය එක විකල්පයක් හැටියට සලකන බවත් මහබැංකු අධිපතාවරයා එහිදී පැහැදිලි කළේය.
වෙනත් විකල්ප පිළිබඳව තවදුරටත් සලකා බලමින් සිටින බවත් එම විකල්ප, IMF වෙත යාමට වඩා සතුටුදායක විය හැකි බවට විශ්වාස කරන බවත් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන්ද එම මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා අදහස් දැක්වීය.
ඔහු පැවසුවේ රට තුළට විදේශ විනිමය ගලා ඒම ප්‍රකෘත්ති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව නැවත වාහන ආනයනය කිරීමට අවසර දීමට අවස්ථාවක් ලැබෙන බවය.
වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කෙරෙන බවත් ඒ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසීය.