ගෝඨාට එරෙහි රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) !

ගෝඨාට එරෙහි රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් පනවන ලෙස ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර ඔක්තෝබර් මස 4 වැනිදා මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු ඇතුළත් සම්පූර්ණ තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හෙට දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.