ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 16) රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

රටතුළ පවතින වත්මන් තත්ත්වය සහ ආර්ථික අර්බුදය පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇති අතර එම කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවත් වාර්තා වේ.