ලෝක ජනගහනය බිලියන අට පසුකරයි !

ලෝක ජනගහනය බිලියන අට පසුකරයි !

අද  (නොවැ 15) ලෝක ජනගහනය බිලියන 8 පසු කළා. ලෝක ජනගහනය මෙම සීමාව ඉක්මවා ගියේ බිලියන 07 සන්ධිස්ථානය පසුකර වසර 11කට පසුවයි.

 

 127632729 8bn chart.png
ලෝක ජනගහන වර්ධන වේගය අඩුවීමත් සමඟ ගෝලීය ජනගහනය 2030 දී බිලියන 8.5 ත්,  2050 දී බිලියන 9.7 සහ 2100 දී බිලියන 10.4 දක්වාත් ළඟා වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

2023 දී ඉන්දියාව චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට බවට පත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

2022 ජූලි 11 වන දින නිකුත් කරන ලද ලෝක ජනගහන අපේක්ෂාවන් වාර්තාවෙන් මේ තොරතුරු අනාවරණය විය.

පසුගිය දශක පහ තුළ ගෝලීය ජනගහනය බිලියන හතරේ සිට බිලියන අට දක්වා දෙගුණ වී තිබේ.

 

95528523
අද පිලිපීනයේ මැනිලා හි උපත ලද බිළිඳියක් ලෝකයේ බිලියන 8 වැනි පුද්ගලයා බව සංකේතවත් කර තිබෙනවා. ඒ එරට වේලාවෙන් අද නොවැ 15 අළුයම 1.29 ට උපත ලද Vinice Mabansag බිළිඳියයි

ලොව බිලියන පස් වැනි දරුවා 1987 ජුලි 11 වෙනිදා උපත ලද Matej Gaspar නම් වූ අතහ  2011 දී උපත ලද බංග්ලාදේශයේ සුල්තානා ඔයිෂී ලොව බිලියන හත්වැනි ළදරුවා බවට නම් විය.

කෙසේ වෙතත් ලෝක ජනගහනය බිලියන අට පසුකිරීම ලෝකය හමුවේ ඇති තවත් අභියෝගයක් බව විශ්ලේශකයින් පෙන්වා දෙයි. අවම සම්පත් සහ වැඩි පරාභෝජනය මත පෘථිවිය මහුණ දීමට නියමිත ගැටළු සුළුවෙන් තැකිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පෘථිවියට  රැගෙන යා හැකි උපරිම ධාරිතාව මිනිසුන් බිලියන නවයත් බිලියන 10ත් අතර බවයි මේ වන විට විද්‍යාඥයින් ඇස්තමේන්තු කර තිබෙන්නේ.