කිසියම් පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටිනම් ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද කොවිඩ් වැලඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළාය.
එසේම එන්නත් තුනම ලබාගෙන සිටියදී රෝගය වැලඳුනත් සංකූලතාවලින් තොරව ඉක්මනින් සුව වීමට හැකියාවක් පවතින බවයි වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවේ.
ඔමික්‍රෝන් ට මුහුණ දෙන්න එන්නත් තුනම ලබා ගන්න - සෞඛ්‍ය අංශ
