අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති ප්රබල හිම කුණාටුවක් හේතුවෙන් ප්රාන්ත 5කට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ.
අමෙරිකානු කාලගුණ බලධාරීන් පවසන්නේ එම ප්රදේශවලට ඉදිරි පැය කිහිපයේ වාර්තාගත හිම පතනයක් අපේක්ෂා කළ හැකි බවයි.
හිම කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 5,000ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබේ.
බොස්ටන් ප්රදේශයෙන් සෙන්ටිමීටර් 61 ක හා නිව්යෝර්ක් ප්රදේශයෙන් සෙන්ටිමීටර් 30 ක හිම පතනයක් වාර්තා වී තිබෙන අතර මැසචුසෙට්ස් ප්රාන්තයේ පමණක් නිවාස 116,000 කට විදුලිය ඇණහිට ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
අමෙරිකාවට මෙවන් ප්රබල හිම කුණාටුවක් ඇතිවී තිබෙන්නේ වසර 04 කට පසුව බවයි වාර්තා වන්නේ.