විදුලි කප්පාදුවක් ගැන තීරණය අද

විදුලි කප්පාදුවක් ගැන තීරණය අද

ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දීම පිළිබඳ අද තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා සිදු කළ සමාලෝචනයෙන් පසු අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි මහජන උපයෝගීතා කොමිසම මින් පෙර ප්‍රකාශයට පත් කළේ.

එසේම විදුලි අර්බුදය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක්ද  අද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර අක්‍රීයව පැවති නොරොච්චෝලෙ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 160ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.