හදිසි ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර්

හදිසි ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර්

හදිසි ඉන්ධන මිලදීගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදීමට එකඟ වී ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා විසින් මේ බව මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත ලිපියකින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව විසින් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය අද (18) ගෙවූ බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ලබන වසරේ ජුලි මාසයේ තවත් ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ද ආපසු ගෙවීමට තිබේ.