ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 50 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5.5 ක්% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6.5 ක් දක්වා ඉහළ දමා ඇති බව මහ බැංකුව දන්වා ඇත.
නිත්‍ය ණය පහසුකම් අනුපාතය සමග ස්වයංක්‍රීයව ගැලපීමේදී බැංකු පොලී අනුපාතය 9.5 ක්% වනු ඇති.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 ක් % ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාත හා ඉතුරුම් පොලී අනුපාත ඉහළ යනු ඇති.