ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව සිදුවූ භූ කම්පනයක් සිදුව තිබේ. ඉන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසයි.
අද (14) පස්වරුවේ ජාවා දූපත් ආශ්රිත මුහුදේ සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රභලත්වයක් සටහන් කර තිබිණ.
එම භූ කම්පනය එරට ජකර්ථා අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් එම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.
ඉන්දුනීසියාවේ භූ චලනයක් ! - අපට අවදානමක් නැහැ
