අද (31) කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත ආශ්රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කෙරෙන බවත් මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කර ඇති බවත් පොලිසිය පවසයි.
එසේම ස්ථීර සහ විටින් විට විශේෂ මාර්ග බාධක යෙදීමටද කටයුතු යොදා තිබේ.
අද කොළඹට විශේෂ ආරක්ෂක සැලැස්මක්
