දැනට IOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා නව සමාගමක් පිහිට වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Trinco Petroleum Terminal Ltd නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ එම නව සමාගම පිහිටුවා තිබේ.
එසේම IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යෙන් බහුතරය යළිත් මෙරටට ලබාගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වෙන බවද බලශක්ති අමාත්‍යවරයා පැවසීය.