රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා
රෝහලේගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 83 වියේ පසුවිය.

ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ අතර 2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කටයුතු කරමින් සිටියේය.