මුහුදු මාර්ග සන්නිවේදනය සුරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත් - ජනපති ඉන්දීය සාගර සමුළුව අමතමින්

මුහුදු මාර්ග සන්නිවේදනය සුරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත් - ජනපති ඉන්දීය සාගර සමුළුව අමතමින්

ලෝක වෙළදාමේ නිෂ්පාදිත ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක වෙළඳාම ඉන්දියන් සාගරය හරහා සිදු වන බවැවින් මුහුදු මාර්ග සන්නිවේදනය සුරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත් බව ඊයේ (04) පස්වරුවේ පස්වන ඉන්දියානු සාගර සමුළුව අමතමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

පරිසරය , ආර්ථිකය, වසංගතය යන්න තේමා කරගනිමින් මෙවර පස්වන ඉන්දියානු සාගර සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් සමුළුව පැවැත්වෙන්නේ , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වේ.
ඉන්දියන් සාගරය බොහොමයක් අපරාධ සිදුවන කලාපයක් බවත් එම අපරාධ නැවැත්වීමට කලාපීය වශයෙන් බුද්ධි තොරතුරු හුවමාරුව සහ එකට එක්ව වැඩකිරීම ඉතා වැදගත් බවත් සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය වැළැක්වීමටත් එලෙසම ක්‍රියාකිරීමටත් වැදගත් බවයි.

ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාජිකයෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සමුළුවට එක්ව සිටී.