සුකී ට සිරදඬුවම්

සුකී ට සිරදඬුවම්

බලයෙන් පහකෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීට එරෙහිව විභාග කෙරෙන පළමු නඨුවේ තීන්දුව අනුව ඇයට වසර 04 ක සිරදඬුවමක් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝගකර තිබේ.

ස්වාභාවික අපදා නීතිය යටතේ "විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම" යන චෝදනා සම්බන්ධයෙන් එහිදී ඇය වැරදිකරු බවට අධිකරණය තීන්දු කර තිබිණ.

ඇයට එරෙහිව චෝදනා 11ක් ගොනුකර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවය.  

76 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී ව හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කළේය.