ඔමික්‍රෝන් අවදානමට පෙර සූදානම !

ඔමික්‍රෝන් අවදානමට පෙර සූදානම !

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ඇතැම්විට මේ වනවිටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බවත් එම කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නවතාලිය නොහැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මීට පෙර ලෝකයේ ව්‍යාප්ත වු කොවිඩ් වෛරස ප්‍රභේදද ලංකාවට පැමිණිම වළක්වා ගැනීමට නොහැකි වු බව පෙන්වා දුන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එය ව්‍යාප්තවීම පාලනය කර ගැනිම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇති බවයි.

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන සියලුදෙනා PCR පරීක්ෂණයකට යොමුකිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කරයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ බව පැවසීය.

මෙම නව ප්‍රභේදවලින් වියහැකි අවදානම් අවම කර ගැනීමට වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ප්‍රජාව බූස්ටර් එන්නත ලබා ගැනීමේ වැදගත්කමද මෙහිදී වෛද්‍යතුමිය පැහැදිලි කළාය.