බුදුන්ගේ ඇස්වල කාබන් කඳුළු  ! තුසිත පතිරණ

බුදුන්ගේ ඇස්වල කාබන් කඳුළු  !  තුසිත පතිරණ


thush

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk තුසිත පතිරණට අනුව තුසිත පතිරණ කවුද ?

තුසිත - මේක මට තේරෙන්නේ නෑ බං. මට අනුව මම. මම විතරයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ  උඹ කවියෙක්ද ? නැත්නම් පොරක්ද වගේ සීන් එකක් නම්. මෙන්න වැන්දා,  ඒ සීන්වලට අයිති එකෙක් නෙවෙයි. මොන මගුල උනත් මනුස්සකම බේරන සහ මනුස්සකමට විතරක්ම ගරු කරන එකෙක්. ඔච්චරයි. මම සොයන්නේම මම ඇතුලේ අපි. 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - හිටපු දේශපාලන කාඩර්වරුන් බොහොමයක් දැන් ජනමාධ්‍යවේදීන්.. ඇයි ඒ ?

තුසිත - හිටපු දේශපාලන කාඩර්වරුන් කියල ජාතියක් නෑ. මම හිතන්නේ ආගමික සංස්ථාවක තියෙන වත්පිළිවෙත් වලට හික්මවපු භක්තිවාදීන් පිරිසක් හිටියා. ඉතිං දේශපාලනික භක්තිවාදී බවින් මිදිල උන් එළියට ආවා.. දැන් උන් හරියට සමාජය කියවනවා.. මේක අස්සේ තියෙන සුකුරුත්තන් කෑලි දැන් තමයි අහුවෙන්නේ. එලියේ ඉදගෙන ඇතුල කියෙව්වම පට්ට දුකක් හිතෙන තැනකට එළියට ආපු අයට හිතෙනවා.. සමහරු ඇරියස් කවර් කරනවා.. සමහරු පොත් ලියනවා . සමහරු කවි ලියනවා. සමහරු කුලී ලියන්නන් වෙලා තියෙනවා. මේ කවර නාමකරණයකින් හැදින්වුවත්, මම කියන්නේ වැලේ වැල් නැතිව අඹුවයි, දරුවනුයි බඩගින්නේ නොතියා ඉන්න යැපීමක නියැලීම කිසිදු ලෙසක මොන න්‍යායක් මත ඉඳගෙන වුනත් ගරහන්න බැරි තත්වයක්. ඉතිං කුලී ලියන්නෙක් විදියට මමත් මොනව හරි කොටනවා. ඕකයි තත්වේ. 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - වමේ දේශපාලනයේ වලංගුභාවය පිළිබඳ ඔබේ තක්සේරුව මොකක්ද ?

තුසිත - වම..? බොරුවට මේ ප්‍රශ්න අහන්න එපා බං.  මේ ප්‍රශ්නෙට උත්තර ගත්ත කියල ඇති වැඩක් වෙන්නේ නෑ. කෙටියෙන් උත්තරයක් ලියන්නම්. වලංගුභාවයක් එන්න එහෙම වමක් නෑ.  හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. වම කියන කියවීමක් දාගෙන අම්බානෙට වාද කරන්න, රණ්ඩු වෙන්න, තව උන් එක්ක තරහ වෙන්න, ඔය ජාතියේ ශෘංගාර, බීභත්ස්‍ය, රෞද්‍ර වගේ අභිනයන් මත හැසිරෙන්න පුළුවන්. මම කියන්නේම මේ ඉන්න තැනට වඩා අවුරුදු පණහක් ඉස්සරහින් කියවපල්ල කියල විතරයි. මේ ඉන්න තැන පට්ට පරණයි. ලෝකේ දැනුම, චින්තනය පිමි ගහල නව චින්තන ධාරාවන් උදාකරගෙන ඉවරයි. දැන් කියයි ධනවාදී ප්‍රභවයන් මතින් ගොඩ නැගෙන චින්තනයන් කියවල වැඩක් නෑ කියල. නෑ මේ කියන්නේ ඒක නෙවෙයි,  සමාජවාදය හරි කොමියුනිස්ට්වාදය හරි මේ මොන හත්තිලව්වක් උනත් එක තැන පල්වෙන එකෙන් මිනිසාට මෙලෝ වැඩක් කරන්නේ  නෑ. මේක කියවල කන පැලෙන්න ගහන්න පුළුවන්. ඒත් දේශපාලනය කරන අර වම කියල හිතාගෙන ඉන්න මහත්වරුන් කලබල නොවී යටි අරුතක් ගැන හිතනවා නම්, අනේ වාසනාවන් !

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - කළු කඳුළ කවි කඳුළක් ද ?  එහෙමත් නැත්නම් ඒ කඳුළ ඇතුලෙ අපේක්ෂාව දිදුලනව ද ?

තුසිත - නෑ මේ ප්‍රශ්නය අහන්න ඕනේම පොතේ එන කවිය කියවල. මේකේ කවියක් තියෙනවා කළු කදුළ කියල. ඒකේ ඉන්නේ අර වැල්ලවත්තේ පාර අයිනේ ඉන්න හිටි පිළිමේ ඉන්න බුදු හාමුදුරුවෝ.. ඉතිං හැමදාම එතැනට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. දෙනෝ දාහක් මිනිස්සු වාහන කළු දුම් පුරවගෙන දූවිල්ල අවුස්සගෙන යනවා. උන් වහන්සේ බලාගෙන ඉන්නවා . කැටයට පඩුරුත් දානවා..  අමාරුම තැන බුදු හාමුදුරුවන්ට කදුළු එනවා. ඒ එන කදුළු හෙනම හෙන කළුයි. ඇයි ? ඒ තරම් කාබන් ඇස් දෙක ඇතුලේ. ඉතිං ආනන්ද හාමුදුරුවන්ට කියනවා. දැන් මේ කැටය පිරිල නම් අපි යමු පාරලෙයියට කියල.. එච්චරයි.  ආ අපේක්ෂාවක් දිදුළනවද කියල ඇහුවා නේ.. ඔව් .. ඒ වගේ තැනක  ඒවගේ ජාතියේ බඩු නොතියනවා නම් ඉස්සරහට.. ඒ ඇති.. ( හිටිපිළිමේ ගැන නෙවෙයි වෙන දෙයක් ගැන )

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - අපහාස අවලාද මැද සිහින දකින එකේ තෘප්තිය ගැන කියන්න. 

තුසිත - තමන් කරන හරි, අරමුණු කරගෙන හරි ඉන්න වැඩක නියැලෙනවා නම් කවදක හරි ඒක යථාර්ථයෙන් හරි සංකල්පීයව හරි පැළ කරන්න පුළුවන් නම් , අපහාස හෝ අවලාද කියන එක ඒ හැමදෙයකින්ම මුක්ත වුනු දෙයක්.. ඇයි අප්පා. තමන් කරන වැඩේ ගැන අනුන් දෙන වාක්‍ය කණ්ඩ අස්සේ හිර වෙන්නේ? කොන්ද කෙලින් නම් කරන වැඩේ ලෙසට කිරීමම තමයි ආතල් එක හෙවත්  තෘප්තිය !


| සංවාදය - කැටිපෙ |