"නායක සහෝදරයා එක පාරක් ජනාධිපති වුණා" ලක්මාල් ධර්මරත්න කියයි.

"නායක සහෝදරයා එක පාරක් ජනාධිපති වුණා" ලක්මාල් ධර්මරත්න කියයි.

 

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - පරාක්‍රම ජයසිංහ දිවි ගමනට සමුදීලා . ලක්මාල් ධර්මරත්නට මොකද්ද හිතෙන්නෙ ?

ඒක උත්තරයකට වචනයක් ගොනු කර ගන්න බැරි ප්‍රශ්නයක්.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - පරාක්‍රම ජයසිංහ ඔබට හමුවන්නෙ කොයි කාලෙද?

අපි හම්බවෙන්නෙ මීට අවුරුදු පහළවකට කලින් ධර්මසිරි බණ්ඩාරනායකගෙ සෙන්ටර් එකේදි. ෂෝට් ෆිල්ම්ස් එහෙම පෙන්නුව පොඩි ආට් ගැදරින් එකක් එතන තිබුණා. එතනට පරාක්‍රම අයියත් එනවා. එයා නියෝජනය කළේ ජනප්‍රිය සිනමාව. එයා හිටියෙ අපි වගේ තරුණයොත් එක්ක. අපියු පරාක්‍රම අයියයි එක ගොඩේ හිටියෙ. පුදුමාකාර විදියට වැඩ කරන්න අපිව
එන්කරේජ් කරපු මිනිහෙක් .

කාලෙකට කලින් මම චිත්‍රපටයක් කරන්න ටෙස්ට් ෂූට් එකක් කළා. ඒකෙ පරාක්‍රම අයිය රඟපෑවෙ ජනාධිපතිවරයාට. මං හිතන්නෙ ඒක තමයි පරාක්‍රම අයියගෙ පළවෙනි රඟපෑම. කූඹියෝ දෙවනි රඟපෑම වෙන්න පුළුවන් . එයාගෙ පෙනුමත් සිනමා දැනුමත් ඔහුගෙ තිබුණු විශේෂත්වය.

60583147 657001481379332 7032756824029790208 ncomrade.lk - පරාක්‍රම ජයසිංහව ඈතට දැක්කම හිතෙනව ඔහු ස්මාට් මිනිහෙක් කියල. ඇත්තටම ඔහු ස්මාට්ද?

ඉතා ස්මාට්. මං එහෙම කියන්නෙ කාරණා දෙකක් මත. එකක්, ඔහු ජීවිතේ ගැන හරි ස්මාට්. කවර තත්ත්වයක වුවත් සැහැල්ලුවෙන් හිටපු මිනිහෙක්. අනිත් පැත්තෙන් එයාට තිබුණු පැෂන් එක. සිනමාව ගැන හෝ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඔහු පුදුම තරුණයි. අපේ වචනෙන් කියනවනම් ඕල්ඩ් ස්කූල් කෙනෙක් නෙවෙයි. එයාගෙ චිත්‍රපටවලින් පවා මම ඒ තරුණ බව දැක්කා. මං හිතන්නෙ ඔහු අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න හැදුවා. අපට ඔහුගෙන් හැමදාම හමුවුණේ 'මචං අයියා ' කෙනෙක්. ඔහු තුළ තිබුණු ස්මාට්කම එන්නෙ ඒ සැහැල්ලුව තුළින් කියල මම හිතනවා.

| සංවාදය - විමල් කැටිපෙආරච්චි |

hfyg