නැවතී බැලිය යුතු නැවතුම් චලනයක්

නැවතී බැලිය යුතු නැවතුම් චලනයක්
Stop motion (නැවතුම් චලන) සිනමා ප්‍රභේදය හැමෝටම හුරු දෙයක් නොවෙයි. සිනමාව අධ්‍යයනය කරන උදවියට මෙය නුහුරු දෙයක් විය නොහැකියි. තාක්ෂණික ක්‍රමය, නමින් නොදන්නවා වුවත් බොහෝ අය මෙවැනි නිර්මාණ නරඹා තිබෙන බවට සැකයක් නැත.
මෑතක දුටු මේ ගණයේ නිර්මාණයක් නිසයි මේ සටහන ලියැවෙන්නෙ. ටික්ටොක් මාධ්‍යයේ අහම්බෙන් දකින්න ලැබුනු නිර්මාණයක්, එය. එහි අයිතිකාරිය ඇන්ඩ්‍රියා. 'Andrea Love' ලෙස ගූගල් කර බලන්න ඔබට හැකියි. ඇන්ඩ්‍රියා එක්ක කළ සම්මුඛ සාකච්ඡාවක තොරතුරු ඇසුරෙනුයි මේ ලියමන සැකසෙන්නෙ. 
මේ වෙද්දි ඇය කෙටි චිත්‍රපට වගේම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරියක්. සිනමාව ගැන දැඩි ඇල්මකින් ඉගෙන ගන්න අවධියේදීයි, Animations ගැන අධ්‍යයනයට යොමු වන්නෙ.ඇගේ ආරම්භය එතැනයි. Jan Svankmajer අධ්‍යක්ෂවරයගෙ stop motion නිෂ්පාදන බැලීමෙන් ඇන්ඩ්‍රියා ඒ ගැන හදාරන ආශාවෙන් පසු විය.  ඔබටත් හැකියි ඔහුගෙ නිර්මාණ මොනවද කියා බලන්න. ඒවා ගැඹුරුයි වගේම දේශපාලනිකයි. නමුත් ඇන්ඩ්‍රියාගෙ මාර්ගය වෙනස්. ඇය ඒවා නැරඹීමෙන්  ඒ තාක්ෂණික කාරණාව ඉගෙන ගෙන ඇති අතර ඇයටම ආවේණික කලාපයක් සකසාගෙන ඇත.  ඇගේ නිර්මාණවලින් ඔබට එය වැටහේවි.
WhatsApp Image 2022 10 09 at 16.50.27
 
WhatsApp Image 2022 10 09 at 16.50.27 1
මේ වෙද්දි ඇගේම  animation studioවක් ඇය සතුයි. නිවසේ පහළම තට්ටුවේ විධිමත් විදියට ඒ අවකාශය නිර්මාණය වී ඇත. වූල් වලින් කළ නිර්මාණවලින් පිරිච්ච තැනකි, එතැන.  තාක්ෂණිකව ගතහොත් ඇය මේ කරන කාර්ය ඇහැට දැනෙන තරම් සැහැල්ලු නැත.  විනාඩි දෙකක clip එකක් වුවත් පැය ගණනාවක මහන්සියක් එතැන වෙයි.  
ඇන්ඩ්‍රියා පාසලේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී කාංසාව දක්වා ගිය කෙනෙක්. අධ්‍යාපනය අතෑර ඇය  ගොවිපළක වැඩට ගොස් ඇත. එය නව ඇරඹුමක් වුණු වග ඇන්ඩ්‍රියා පවසයි.  තමන්, 'දෘශ්‍ය රූප මාධ්‍යට' ඉමහත්ව ආදරය කළ බව කලකදී ඇය හඳුනා ගනී. ඉන් අනතුරුවයි, ඇය හැදෑරීම් ආරම්භ කරන්නෙ. සිනමාව ගැන ශාස්ත්‍රවේදී උපාධියක් දක්වා ඇය හදාරනු ලබයි.  "නොපසුබටව තමන් ආස දෙය එක්කම සැරිසරන්න " ඇන්ඩ්‍රියාගේ ආරාධනය එයයි.
| සසංකා විතානගේ |