චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු , නිෂ්පාදකවරයෙකු සහ රංගන ශිල්පියෙකු වූ ආනන්ද ෆොන්සේකා මහතා අද (16) අභාප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 70 වන වියෙහි පසුවිය.
ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයෙකු වන ආනන්ද ෆොන්සේකා, රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ පියා ද වේ.
වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු
උමයංගනා සිනමා පටයට සහ කෙම්මුර ටෙලි නාට්‍යයට අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් දායක විය. එමෙන්ම තිලක සහ තිලකා , එයා දැන් ලොකු ළමයෙක් සහ ටිකිරා වැනි චිත්‍රපටවල ද ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබේ.