ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 71කි.
1970 වසරේ මාධ්‍ය ක්ෂෙත්රයට පිවිසි ඒ මහතා මාධ්‍ය ආයතන රැසක තනතුරු හෙබවූ අතර ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.
රැජින සහ කුමාරි වැනි කාන්තා පුවත්පත් ප්‍රකාශයට පත් කිරීමට සම්බන්ධ වූ පද්මකුමාර මහතාගේ පතිපතිනි, කුමාරි, අරලිය වැනි පුවත්පත් ද එකල සාර්ථකත්වයට පත්විය.
ශ්‍රී ලංකාවේ යොවුන් සඟරාවල නිර්මාතෘවරයාද වූ ඔහු තාරුණ්‍යයට ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව හඳුන්වා දුන්නේය. 70 දශකයේ මුල් භාගයේ සිට සමීප රූප, ගීතා වැනි චිත්‍රපට පුවත්පත් සඟරා දියත් කරමින් ඒ සඳහා කටයුතු කළ අතර 1991 දී ජනප්‍රිය පුවත්පතක් වන ලංකාදීපයේ සාර්ථකත්වයට ද ඔහු දායක විය.
90 දශකයේ ඇරඹි ‘ලක්බිම’ සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේද පද්මකුමාර මහතායි.
පුවත්පත රූපවාහිනියට රැගෙන ආ බන්දුල පද්මකුමාර මහතා මාධ්‍යවලට උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහන් හඳුන්වා දුන්නේය. ඒ මහතා ඉදිරිපත් කළ මුල් පිටුව සහ ලෝක සිතියම වැඩසටහන් ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
සුබ ගමන් ජ්‍යෙෂ්ඨයාණෙනි !