ප්‍රවීණ සංගීතවේදිනී නීලා ‍වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදිනී නීලා ‍වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

 ප්‍රවිණ සංගීතවේදිනී නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මාලානෝ නුවරදී අභාවප්‍රාප්ත වී තිබේ.


එරට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ඇය  රාජකාරි ආරම්භ කළේ පසුගිය 10 වනදායි.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගතකිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මියයන විට ඇය 71 වන වියේ පසුවිය.

චිත්‍රපට පසුබිම් ගායන ශිල්පිනියක් ලෙස චිත්‍රපට 67 කට පමණ  හඬ මුසු කර ඇති ඇය හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් සරසවි සම්මානවලින්ද පිදුම් ලබා තිබේ. ගුවන්විදුලි සංස්ථාවේ ' ආධුනික හඬ '  වැඩසටහනකින් පළමු ගීත ගායනය ඉදිරිපත් කළ ඇය පසුව එහී A ශ්‍රේණියේ ගායන ශිල්පිනියක් ලෙස තේරී පත්විය. එසේම සංගීතය විෂයක් ලෙස ප්‍රගුණ කළ ඇය සංගීත ගුරුවරියක් ලෙසද සේවය කළාය.