කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වෙයි

කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වෙයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාත් කෝලි තීරණය කර තිබේ.

පසුගිය වසරේ ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම මෙහෙයවීම නැවැත්වූ 33 හැවිරිදි කෝලි 2015 සිට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නේය.

කෝලි විසින් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 68කදී මෙහෙයවනු ලැබ තිබෙන අතර ජයග්‍රහණය කර ඇති තරග ගණන 40කි.

කේප්ටවුන්හිදී ඉන්දීය පිල කඩුලු 7කින් පරාජයට පත්වීමෙන් දිනකට පසුවයි කෝලි මෙලෙස නිවේදනය කළේ.